ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය හේතුවෙන් ජුනි 19 වැනිදා සිට එළඹෙන ජුලි 04 වනදා දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි සුරාසැල් වසා තබන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම රුහුණු කතරගම දේවාලයේ ඇසළ උත්සවය සඳහා සහභාගී වන බැතිමතුන් කිසිවෙකුටත් පූජා භූමිය තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම තහනම් වන බවත් , මෙම කාල සීමාව තුළ රාජකාරී කටයුතු සඳහා ඌව පළාත නියෝජනය කරන සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් යොදවන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර තිබේ.