ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්රාලයයේ ජනගහන හා සංක්රමන අධිකාරිය අතර 2020 වර්ෂයේ ඇති කරගත් ගිවිසුමකට අනුව මෙරට තරුණ තරුණියන්ට ඊශ්‍රායල සාත්තු සේවය සඳහා යොමු වීමට අවස්ථාව හිමිව තිබෙන අතර ඒ අනුව 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (20) දිනයේ ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ වන විට කණ්ඩායම් 60ක් ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබෙන අතර අද (20) දිනයේ පිටත්ව යාමට නියමිතව තිබෙන්නේ 61 වන කණ්ඩායම බව සඳහන්.
මෙම කණ්ඩායම සඳහා අවශ්‍ය ගුවන් ටිකට්පත් ඇතුළු ලියකියවිලි විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් පසුගිය දා ඔවුන්වෙත භාර දී තිබේ.
එමෙන්ම මෙලෙස ඊශ්‍රායලයේ රැකියා අවස්ථා බලාපොරොත්තු වනවා නම් කිසිදු අයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැර වෙනත් කිසිදු පාර්ශවයකට ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි හෝ මුදල් ලබා නොදෙන ලෙස එම කාර්යාංශය ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.