ශ්රී ලංකා වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ 73න් ජලාශ 30කට වැඩි ප්රමාණයක ජල ධාරිතාවය මේ වන විට 80% මට්ටම ඉක්මවා ගොස් ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරන අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු ඩී.අබේසිරිවර්ධන මහතා සඳහන් කරන්නේ මෙම වැසි තත්ත්වය තව දුරටත් පැවතිය හොත් තවත් ජලාශ වාන් දැමිය හැකි බවයි.
එබැවින් ජලාශ සහ ඇළ මාර්ග භාවිතයේ දී කල්පනාකාරී වන ලෙසද ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම නිරිත දිග මෝසම් කාලගුණයක් පවත්නා මෙවැනි අවස්ථාවක වැසි ජලය උපයෝගී කරගනිමින් වග කටයුතු සිදු කරන්නේ නම් ජලාශවල ජලය ඉදිරි යල කන්නය සඳහා ඉතිරි කර ගැනීමේ හැකියාව පවතින බවයි අධ්යක්ෂ ඉංජිනේරු ඩී.අබේසිරිවර්ධන මහතා පෙන්වා දෙන්නේ.