අප මීට පෙර වැලිගෙපොල හටංගල විද්‍යාලයේ ප්‍රශ්න ගණනාවක් පිලිබඳව වාර්තා කරන ලදී. එහිදී අප වාර්තා නොකරන ලද දරුවෙකුගේ ලකුණු ප්‍රශ්නයක් මතුකරමින් අප මීට පෙර වාර්ථා කරන ලද සිද්ධියක් යට ගැසීමට කටයුතු කර තිබේ. අද (21) හටන්ගල විද්‍යාලයට පැමිණි වැලිගෙපොල කොඨිඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකාව කටයුතු කර තිබේ. යුක්තිය යට කරමින් අයුක්තිය නැවත වරක් මතුකරමින් අප ආයතන හිමිකරුවන ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතාටද නින්දා අපහාස කරමින් ප්‍රකාශයක් සිදුකිරීමට තරම් මේ අධ්‍යාපන බලධාරිනිය කටයුතු කර තිබේ. පාසල් ගණනාවකට නායකත්වය දෙන උගත් රාජ්‍ය නිලධාරිනියකගේ නූගත් මන්ද බුද්ධික ක්‍රියාවලිය පිලිබදව අපගේ දැඩි අප්‍රසාදය ප්‍රථමව සටහන් කරන්නේ, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ සමස්ත සමාජයම සුරැකීම සදහා බවත්, එය රජයෙන් අපට ලබා දී තිබෙන උපදේශය බවත් ඇයට මතක් කර දෙමිනි. සමස්ත ගමක්ම ඉදිරියේ කරන ලද එම ප්‍රකාශයෙන් ඇය සිදුකලේ කුමක්ද යන්න හටංගල ගම වැසියන්ට තේරීමට තව බොහෝ කල් යනු ඇත. “අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා වැඩක් නැත”.
එසේම අප වාර්තා නොකළ “දරුවෙකුගේ සත්‍ය ලකුණු කපා හරිමින්” එම පන්තියේම වෙනත් දරුවෙකුට ලකුණු වැඩිකරමින් දරුවන් දෙදෙනෙකුටම අසාධාරනයක් කරන ලද පුවතක් තිබුනත් අප එම සිද්ධිය වාර්තා නොකිරීමට හේතු කිහිපයක් තිබුණි. නමුත් අප අනෙකුත් සිද්ධීන් වාර්තාකර තිබෙන්නේ සාක්ෂි සහිතවය. ලකුණු සිද්ධියේදී දරුවන්ට කරන ලද අසාධාරණය තුලින් ඇතිවන නීතිමය තත්වය කුමක්ද යන්න අධ්‍යාපන බලධාරිනියක් නොදන්නේ නම් අප එයද ඇගේ සහ දරුවන් සිටින දෙමාපියන්ගේ දැනගැනීම පිණිස පහතින් සටහන් කරන්නෙමු. එසේම හටංගල ප්‍රදේශයේ යම්නුගත් පුරවැසියෙක් සිටින්නේ නම් තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වත් පහත සදහන් කොටස කියවා ඉගෙනගත යුතුය. එසේ නොමැතිව දරුවන් හදන්නේ නම් තමන්ගේ දරුවන්ද අනාගතයේ මහ උළුගෙදර යා හැකි බව ඉගෙන ගැනීම වැඩිහිටි කාගේත් වගකීම වේ.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය (United Nation’s Convention on the Right of the Child-UNCRC)
මානව හිමිකම් කොමිෂම විසින් දරුවන්ගේ සුභ සිද්ධිය සහ රැකවරණය වෙනුවෙන් සම්මුතියක් සකස් කිරීමේ අවශ්‍යතාව හදුනා ගන්නා ලදි. එහි මූලික පියවර ලෙස 1979 වර්ෂය ළමා අයිතිවාසිකම් වර්ෂය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කළේය. මේ අතර මානව හිමිකම් කොමිසමේ මූලිකත්වය සහ මග පෙන්වීම ඇතිව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සෙසු රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධව ළමා හිමිකම් ප්‍රඥප්තිය සකස් කොට 1989 නොවැම්බර් 20 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයහි 44/5 දරණ සැසි වාරයේ දී අනුමත කර ප්‍රකාශයට පත් කරන ලදි. දරුවන්ගේ සංවර්ධනය, ඔවුනගේ අභිවෘද්ධිය සහ යහ පැවැත්ම පිළිබද සැලකිලිමත් වන රජයන් මෙම ගිවිසුම සමග එකග විය. මේ වන විට ජත්‍යන්තර ගිවිසුම් අතරින් වැඩිම රටවල් ප්‍රමාණයක් අත්සන් කර ඇති ගිවිසුම වන්නේ විශ්ව ළමා ප්‍රඥප්තියයි.
විශ්ව ළමා සම්මුතියෙහි සදහන් වගන්තීන්
වයස අවු 18 අඩු සෑම කෙනෙකුම ළමයෙකු ලෙසත් ඔවුන් හට මෙම ප්‍රඥප්තියේ සදහන් සියළු අයිතිවාසිකම් හිමිවිය යුතු බවත් විශ්ව ළමා අයිතිවාසිකම් සම්මුතියෙහි පළමු වන වගන්තියෙන් අවධාරණය කරනු ලබයි. වගන්ති 54 කින් සමන්විත මෙම ලියවිල්ල මූලික වශයෙන් මූලධර්ම 4 ක් මත පදනම් කොට ගෙන සකස් කොට ඇත:
- දරුවන් සම්බන්ධයෙන් වෙනස් කොට නොසැලකීම
- දරුවාගේ උපරිම යහපත
- පැවැත්ම සහ සංවර්ධනයට ඇති අයිතිය
- ළමයාගේ අදහස් වලට ගරු කිරීම
මෙම මූලධර්ම වලින් පිළිඹිඹු වන දරුවන්ගේ අයිතිවාසිකම් සෘජුවම වගන්ති 44 මගින් ජීවත්වීම, ආරක්ෂාව, සංවර්ධනය සහ සහභාගීත්වය යන ක්ෂේත්‍රයන් ඔස්සේ සුරක්ෂිත කිරීමට අදාල කාරණා ප්‍රකාශයට පත්කොට ඇත. සෙසු වගන්ති ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සම්බන්ධයෙන් රජයක් ලෙස ක්‍රියාකාරි විය යුතු ආකාරය පිළිබද විස්තර කරනු ලබයි.
මීට අමතරව ළමා අයිතිවාසිකම් වලට සමගාමීව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෛකල්පික ලේඛණ 3 ක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඉන් යුධ ගැටුම් වලින් පීඩාවට පත්වූ දරුවන් සම්බන්ධයෙන් වන වෛකල්පික ප්‍රකාශනයත් (Optional Protocol to the UNCRC on Involvement of Children in Armed Conflict) ළමා වෙළදාම, ළමා ගණිකා වෘත්තිය සහ ළමුන් අසභ්‍ය රූපරාමු සදහා යොදා ගැනීම (Optional Protocol to the UNCRC on Sales of Children, Child Prostitution and child Pornography) යන වෛකල්පික ප්‍රකාශනයත් ශ්‍රී ලංකාව විසින් අත්සන් කොට ක්‍රියාත්මක කිරීමට බැදී සිටි.
ශ්‍රී ලංකාව තුළ ළමා අයිතිවාසිකම් සම්මුතිය ක්‍රියාවට නැංවීම
ශ්‍රී ලංකාව විසින් විශ්ව ළමා අයිතිවාසිකම් සම්මුතිය 1990 ජනවාරි 26 දින අත්සන් කළ අතර එය 1991 ජූලි 12 වන දින අපරානුමත කරන ලදි. එමෙන්ම විශ්ව ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතිය පිළිගැනීමත් සමග ශ්‍රී ලංකා රජය විසින් 1992 දී ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තිය එළි දැක්විය. එමෙන්ම යුධ ගැටුම් වලින් පීඩාවට පත්වූ දරුවන් සම්බන්ධයෙන් වන වෛකල්පික ප්‍රකාශනය 2000 අගෝස්තු මස 21 වන දින අත්සන් කොට 2000 සැප්තැම්බර් 8 වන දින ස්ථිර කරන ලදි. ළමා වෙළදාම, ළමා ගණිකා වෘත්තිය සහ ළමුන් අසභ්‍ය රූපරාමු සදහා යොදා ගැනීම (Optional Protocol to the UNCRC on Sales of Children, Child Prostitution and child Pornography) යන වෛකල්පික ප්‍රකාශනය 2002 මැයි මස 8 වන දින අත්සන් කොට 2002 සැප්තැම්බර් 22 වන දින ස්ථිර කරන ලදි.
මෙම සම්මුතීන් සියල්ල ක්‍රියාත්මක කිරීම විෂයෙහි පුරෝගාමියා වන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයයි. එම අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති ජාතික පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවෙහි මෙතුවක් සේවාව නවමු මගකට යොමු කරමින් ළමා අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේ ආයතනය බවට පත් විය. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් විශ්ව ළමා ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම අරමුණ කොට ගනිමින් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් නමින් නිලධාරී ධුරයක් ස්ථාපිත කර උපාධිධාරීන් බදවා ගන්නා ලදි. එසේ බදවා ගත් නිලධාරීන් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්ත කර ප්‍රාදේශීය වශයෙන් දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අවශ්‍ය පසුබිමත් ඔවුනගේ සංවර්ධනයට අවශ්‍ය පහසුකම් ද ලබාදෙනු වස් සේවයෙහි පිහිටුවන ලදි.
වැඩිදුර කියවීම්:
- එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය
- ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය
- යුධ ගැටුම් වලින් පීඩාවට පත්වූ දරුවන් සම්බන්ධයෙන් වන වෛකල්පික ප්‍රකාශනය
- ළමා වෙළදාම, ළමා ගණිකා වෘත්තිය සහ ළමුන් අසභ්‍ය රූපරාමු සදහා යොදා ගැනීම ”
ආදියෙහි සදහන්වන සියලුම නීතිමය තත්වයන් සේම, එසේ නොවු විට සිදුවන හානිය කුමක්ද යන්න ද ඉගෙන ගත යුතුය. ඒ සදහා සමාජ විද්‍යාව, සමාජ සංවර්ධනය, සමාජ මනෝවිද්‍යාව, ආදී ක්ෂේත්‍රයන් ගණනාවක් ඉගෙන ගත යුතුය. නමුත් රටේ අවාසනාවකට, රට නිසි මග ගෙන යා යුතු අධ්‍යාපන බලධාරීන්ද කටපාඩමින් ඉගෙන ගෙන, මේවා නොදැන කටයුතු කිරීමේ ප්‍රතිපලය අප මේ වන විටත් අත් විදිමින් සිටී. හටංගල විද්‍යාලයට පමණක් නොවේ, පරිපාලනයේ දෝෂ සහිත සෑම පාසලකම සිදුවන්නේ දරුවන් ඇපයට තබාගෙන, ඒවා තමන්ගේ බුදලයක් සේ සිතා කටයුතු කිරීමය. ලංකාව පුරා සිදුවන එවැනි සිද්ධීන් ගණනාවක් අප මීට පෙරද වාර්තා කර තිබේ.
කෙසේ නමුත් අද හටංගල විද්‍යාලයට පැමිණි වැලිගෙපොල කොඨිඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකාව සමග පාසලේ විදුහල්පතිවරයා දැඩි තර්ජනාත්මක ස්වරයෙන් කතාකරන ආකාරය ඇසීම පිලිබදව ද අපට ඇත්තේ කණගාටුවක් පමණි. හේතුව නම් සත්‍ය කතාව යටපත් කරමින් ලකුණු ප්‍රශ්නයක් මතුකරමින් දරුවන් තිදෙනෙකුට සිදුව තිබෙන අපචාරයන් වසා ගැනීමට කටයුතු කරීමයි. එයට විදුහල්පතිවරයාද, වැලිගෙපොල කොඨිඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකාව ආධාර අනුබල දෙමින්, ගමේ අහිංසක ජනතාව කුපිත කරවා ඔවුන් අතර ගැටළු ඇතිකරවීමෙන් මොවුන් දෙදෙනාම අපරාධයක් සිදුකරන ලදී. ඔවුන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය යුතුය.
මෙම වැලිගෙපොල කොඨිඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකාව මීට පෙරද පාසල් වල වැරදි කරනා ගුරුවරුන් බේරා ගැනීමේ කටයුතු නිසි ලෙස කර තිබේ. අම්බැවිල ශ්‍රී වජිරවංශ විද්‍යාලයේ හිටපු විදුහල්පතිගේ අයහපත් පරිපාලනයට එරෙහිව මහජනතාව විසින් ඉදිරිපත්කරන ලද ලිපිවලට ගත යුතු නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත. ඒ හේතුවෙන් සමස්ත පාසලේම පැවැත්ම පහතට වැටිණි. මිට අවුරුදු කිහිපයකට පමණ පෙර සිදු වූ එම සිදුවීම් වලින් ඇති අයහපත් තත්වයන් වෙනස් කරගැනීමට අදටත් නොහැකිව තිබේ. විදුහල්පතිවරු දෙදෙනාම විශ්‍රාම ගියේය. එහෙත් පාසල තිබුණු ස්ථානයෙන් ඉහලට ගැනීමට නොහැකි බව සහ එය සකසා ගැනීමට ලෙහෙසි පහසු දෙයක් නොවන බවද වැටහෙන්නේ දෙමාපියන්ට පමණි. සමාජයක් පාසලක් වැනසූ උගත් නමුත් නුගතුන් සේ හැසිරෙන විදුහල්පතිවරුන් විශ්‍රාම යා නොහැක. ඔවුන් සිටිය යුත්තේ අපරාධ අධිකරණ ක්‍රියාවලියකින් පසු හිර ගෙදරය. තමන් සේවය කරන්නේ මහජනතාවට බවත්, මහජනතාව ඒ වෙනුවෙන් වැටුප් ගෙවනා බවත්, නිකමුන් සේ සිට රැකියාව කිරීමෙන් සමාජය පරිහානියට ලක් කිරීමේ කටයුත්තට තමනුත් සෘජුවම දායක වන බව රාජ්‍ය සේවයේ වැරදි කරනා නිලධාරින් කවුරු කවුරුත් දැනගත යුතුය.
කෙසේ වෙතත් අප මීට පෙරපලකරන ලද පුවත සම්බන්ධව, අධ්‍යාපන බලධාරීන් අවධානය යොමුකර තිබෙන බවක් දක්නට නැත. කල යුත්ත, නොකළ යුත්ත කුමක්ද යන්න තෝරාගැනීමට නොහැකි අධ්‍යාපන බලධාරීන් රටට වැඩක් නැත. ඔවුන්ගේ දුරදක්නා නුවනේ අඩුව නිසා මෙරටට සිදුවිය යුත්ත මේ වන විටත් සිදුව අවසන්ය. නුගත් සහ අහිංසක ගම් වැසියන් උසි ගන්වනවා වෙනුවට කල යුතු හරි දේ නොකිරීම තවත් ගැටළු ගණනාවක ආරම්භයක් වියහැකි බව අප නැවතත් අවධාරණය කරන්නෙමු. රාජ්‍ය නිලධරිය යනු කවුරුන්ද යන්නත්, නීතිමය තත්වය කුමක්ද යන්නත් වටහාගෙන කටයුතු නොකිරීමේ ලැබෙන ප්‍රතිපලයද අයහපත් වනු ඇත. ඒ අනුව මෙම සිද්ධිය පිලිබදව ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමටද අප කටයුතු කරනු ඇත.
මේ පිලිබඳව අප මිට පෙර වාර්තාකල පුවත.