වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින පුද්ගලයින් සඳහා අය කරනු ලබන දඩ මුදල් සංශෝදනය කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ අත්සනින් යුතුව ඊයේ (21) නිකුත් කළ බව වාර්තා වේ.
ඒ අනුව වීසා කාලසීමාව ඉක්මවා මෙරට රැඳී සිටින පුද්ගලයෙකුගෙන් මීට පෙර , දිනකට ඩොලර් 500ක මුදලක් අය කළ අතර නව සංශෝදයනයට අනුව එය අයකරනු ලබන්නේ වීසා කාලය ඉක්මවා දින 14කට පසුව බවත් , වීසා කාලය ඉක්මවා රැඳී සිටින මුල් දින 7ක කාලය තුළ කිසිදු මුදලක් අය නොකරන බවත් , ඉතිරි දින 7 ක කාලය සදහා ඩොලර් 250 ක මුදල් අය කරන බවත් සඳහන්.
විදේශිකයන්ගෙන් ලැබුණු පැමිණිලි කිහිපයකට අනුව මෙම තීරණය ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.