රජයේ විශ්ව විද්‍යාලවල සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ණය වැඩසටහන නැවත ආරම්භ කිරීම සඳහා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට අනුවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ,
“මෙම ණය වැඩසටහනට මුදල් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පෞද්ගලික විශ්වවිශ්වවිද්‍යාල රැසකට මේ සහනය දුන්නා.”