පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි පියවරයන් ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් , මෙම නාමයෝජනා සක්‍රීයව තැබීමෙන් අදාළ පක්ෂයන් හට තවත් ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කර තිබේ.