රට තුළ පවත්නා අධික වර්ෂාපතනය සමග කැනියොන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු විවෘත කර ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකකුත් ,ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවකුත් මෙලෙස විවෘත කර ඇති බවයි.
එමෙන්ම ජල විදුලිබලාගාර ආශ්රිත ජලාශවල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් ඇති හෙයින් කැනියොන්, ලක්ෂපාන,නව ලක්ෂපාන,පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන බලාගාරවල විදුලි උත්පාදනය ද මේ වන විට උපරිම ධාරිතාවයෙන් සිදු වන බවයි වාර්තා වන්නේ.