ඊයේ (27) ගුවන්තොටුපල රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය මගින් කෝටි 11 ක් පමණ වටිනා රත්තරන් කිලෝ ග්‍රෑම් 5650 ක් ඉන්දියාවේ චෙන්නායි බලා රැගෙන යාමට උත්සහ කල පුද්ගලයන් 5 දෙනකු රේගු භාරයට ගෙන ඇති බව වාර්තාවේ.
ඒ එම ඒකකයට ලද තොරතුරක් මත බව සදහන්වේ.
සැකකරුවන් ව්‍යාපාරිකයන් වන අතර ඔහුන් එම රත්තරන් ජෙල් ආකාරයෙන් ගුද මාර්ගයේ සගවා ගෙන පැමිණ ඇති බවයි සදහන් වන්නේ.
සැකකරුවන් වයස අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන අතර ඔහුන් රේගු භාරයේ රදවා තබා ගනිමින් වැඩිදුර විමර්ශන පවත්වන බවයි සදහන් වන්නේ.