ශ්රී ලංකා පිරමීඩ විරෝධී බලකාය ජනාධිපති ලේකම් කාර්යාලයට සාකච්ඡාවක් සඳහා පැමිණියහ.
පිරිමීඩ ආකාරයට තැන්පත් කර ඇති ගිණුම්වල මුදල් කොටි 3000කට ආසන්න ප්රමාණයක් මහ බැංකුව විසින් මේ වන විට රඳවා තබාගෙන තිබේ.
ණය ප්රතිව්යුහගතකරණය යටතේ මෙම මුදල් ගිණුම් හිමියන්ට අහිමිවී යාමට ඉඩක් පවතින බවට සැකයක් ඇතැයි ශ්රී ලංකා පිරමීඩ විරෝධී බලකායේ කැඳවුම්කරු තරිඳු රත්නායක මහතා ප්රකාශ කරයි. ඔහු සඳහන් කරන්නේ මේ සම්බන්ධව කරුණු විමසීම සඳහා මහ බැංකුවෙන් අවස්ථාවක් ලබා නොදුන් බවත් , ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඒ සඳහා අවස්ථාවක් ඉල්ලීමේදී මෙම කරුණ ලිඛිතව භාර දෙන ලෙස බලධාරියෙක් ප්රකාශ කළ බවත්ය
ඒ අනුව ඔවුන් මෙම කාරණාව ලිඛිතව ජනාධිපති ලේකම් කාර්යාලට භාර දුන්නහ.