මේ වන විට බොහෝමයක් ගොවීන් මහමගට බැස විරෝධතා කරන්නේ ඔවුන්ට ගොවිතැනට අවශ්‍ය කරන වල් නාශක,රසායනික පොහොර ලබාදෙන ලෙස ඉල්ලමිනි.
මේ අතර තවත් එක් ගොවි මහතෙක් මෙම රසායනිකයන්ට යටත් නොවී සිය ගොවිතැන සුපුරුදු පරිදි පවත්වාගෙන යන බවක් අපට දැනගන්න ලැබුණි.
ඔහු නමින් දයා ගමගේ මහතා වන අතර ඔහු සඳහන් කරන්නේ මෙවැන්නකි,
“රසායනික පොහොර නෑ..වල් නාශක නෑ කියලා අපි ඔක්කොම වගා නොකර හිටියොත් රටින් හාල් ගේන්න සිද්ධ වුණාම අපිට තවත් අමාරු වෙනවා.වියදම ටිකක් වැඩි වුණත් ,කරදර වැඩි වුණත් මේ විදිහට තවාන් කරල වගා කළාම හැකි තරම් දුරට වල් මර්දනය කරගන්න පුලුවන්.ඔබත් උත්සාහ කර බලන්න.සියලුම ගොවි මහතුන්ට ඔබේ වගාව සාර්ථක කර ගැනීමට හැකි වේවායි මා ප්‍රාර්ථනය කරනවා!”
ඔහුගේ එම ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉෂ්ඨ වන ලෙසත් මෙවන් ධෛර්යවන්තයන් තවත් මේ බිමේ පහලවේවා කියාත් අපි ප්‍රාර්ථනා කරනවා!