ගත වූ පැය 24 ක කාලයේ පමණක් බාලවයස්කාර දැරියන් 7 දෙනෙකු ලිංගික අතවරයට හා අපයෝජනයට ලක්ව ඇති බවට පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් සිව් දෙනෙක්ම 17 – 18 යන වයස්වල පසුවන බාලවයස්කරුවන් වන අතර වාර්තා වූ සිද්ධීන් හතෙන් හතරක්ම බලහත්කාරයෙන් සිදුව ඇති බවත් ,තවත් තුනක් ප්‍රේම සම්බන්ධතා මත සිදුව ඇති බව සදහන්.
පූජාපිටිය,මරදාන,කොටවෙහෙර,දුම්මලසූරිය,පදවිය,මිටියාගොඩ,යටලවත්ත යන පොලිස් බල ප්‍රදේශවලින් මෙම සිද්ධීන් වාර්තා වී ඇති අතර වයස අවුරුදු 14,15,16 හා 17 යන වයස්වල පසුවන දැරියන් මෙලෙස දූෂණයට ලක්ව ඇති බවට පොලිස් මූලස්ථානය ප්‍රකාශ කර තිබේ.