අලව්ව පොලිස් වසමේ ,නාරම්මල, වෙන්නෝරුව ප්රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිමෙන් අනතුරක් සිදුව ඇත.
අදාළ අනතුර සිදුවන අවස්ථාවේ මව,දියණිය සහ පුතා නිවස තුළ සිට ඇති අතර ,තුවාල ලැබූ දියණිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරෙන් මියගිය තරුණිය කොළඹ පෞද්ගලික රෝහල හෙද නිලධාරිනියක ලෙස සේවය කරන වයස අවුරුදු 23 හැවිරිදි තරුණියක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මවට සහ සොහොයුරාට තුවාල සිදු වී නොමැති අතර වැඩිදුර විමර්ශන කටයුතු අලව්ව පොලිසිය සිදුකරනු ලබයි.