පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව සංචාරකයින් 608,489 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබේ.
මේ මාසය තුළ මෙරටට සංචාරකයින් 84,003 දෙනෙකු පැමිණ ඇති අතර ඉන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 22,388කි.
ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, චීනය ඇතුළු රටවලින්ද සංචාරකයින් පැමිණ ඇති බව සදහන්.
කෙසේවෙතත් පසුගිය වසර තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 719,978ක් බවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබේ.