වලංගු බලපත්රයක් නොමැතිව සිංහරාජ වනාන්තරයේ ජීවී හා අජිවී සත්ත්ව සහ ශාක කොටස් රැගෙන යාමට උත්සාහ කළ ඉරාන ජාතිකයන් 3 දෙනෙකු සහ ශ්රී ලාංකිකයෙකු ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
කදාන, හපුගොඩ පදිංචි ශ්රී ලාංකිකයා සමග ඉරාන ජාතිකයින් තිදෙනා සිංහරාජ රක්ෂිතයේ ලංකාගම ප්රවේශපත්ර කවුලුවේදී පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව වනජීවි නිලධාරින් විසින් මොවුන් ඊයේ(28)පස්වරුවේ සිය භාරයට ගෙන තිබේ.
ඉන්පසු උඩුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සදහන්.