බෙලිඅත්ත – තංගල්ල මාර්ගයේ බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .
බෙලිඅත්ත – තංගල්ල මාර්ගයේ කිලෝ මීටර් 12 ක් හා කිලෝ මීටර් 16 කණුව අතර ප්රදේශයේ දී තංගල්ල දෙස සිට ධාවනය වූ බස් රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත ප්රදේශයේ පදිංචි 75 හැවිරිදි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.