පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇති බවට පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
නීතිපති උපදෙස් ලැබුණු පසු පළාත් පාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශ කාරක සභාවට දැනුම් දෙන බවත්, නාම යෝජනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.