මේ වන විට දිවයින තුළ පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය සමග නාය යෑමේ අවධානමක් හේතුවෙන් කොළඹ නුවර ප්රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්රදේශය වසා දමා ඇති බවට වාර්තා වේ.
ඒ අනුව අද (10) රාත්රී 10.00ට පමණ පහළ කඩුගන්නාව මාර්ගය තාවකාලිකව වසා දැමීමට නියමිතව ඇති අතර හෙට (11) උදෑසන 7.00ට පමණ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ මාර්ගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නැවත මාර්ගය විවෘත කරන වේලාව දැන්ම් දෙන බවද සදහන් ය.
එමෙන්ම කොළඹ සිට මහනුවරට පැමිිිණෙන රථවාහන සදහා විකල්ප මාර්ගද ඉදිරිපත් කර ඇත,
01.අඹේපුස්සට හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර.
02.කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල ඉන් අනතුරුව ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර
03.මාවනැල්ල සිට රඹුක්කන – හතරලියැද්ද – ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර
04.මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොළ – පේරාදෙණිය මහනුවර
මහනුවර සිට කොළඹට පැමිණෙන රථවාහන සදහා,
01.කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොළඹ දක්වා
02.කටුගස්තොට – ගලගෙදර -රඹුක්කනට පැමිණ කොළඹ නුවර ප්රධාන මාර්ගයට පැමිණ කොළඹ