ලබන මහ කන්නයේදී බඩ ඉරිගු වගා කරන ගොවීන් සදහා බිම් සකස් කිරීමේ කටයුතු වෙනුවෙන් අක්කරයකට රුපියල් 20,000ක මුදලක් ලබාදීමට පියවර ගන්නා බවට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
හම්බන්තොට,මොණරාගල,අනුරාධපුර ,අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්කවල බඩ ඉරිගු වගා කරන ගොවීන්ට නැවත අය නොකෙරෙන මුදලක් ලෙස එම මුදල ලබා දීමට තීරණය කර ඇති බවට එම අමාත්‍යාංශය සදහන් කර තිබේ.
බඩ ඉරිගු වගාවට අවශ්‍ය බීජ හා පොහොර සියල්ලද නොමිලේ සැපයීමට නියමිත බව සදහන්.