දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම කල් දැමීමට සභා නායකවරයා ප්රමුඛ ආණ්ඩුව උත්සාහ කරද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ විපක්ෂයේ පිරිසක් ඊට එරෙහි වුනා.
අදාළ පනත සම්මත කර ගැනීම කල් දැමීමට කටයුතු කරන්නේ කාගේ යෝජනාවක් අනුවදැයි ප්‍රශ්ණ කරසිටි සජිත් ප්‍රේමදාස මහතා, අවධාරණය කළේ කිසිම ලෙසකින් ඊට ඉඩ නොතබන බවයි.
මෙම පනත අද දිනයේම සම්මත කරගැනීම සම්බන්ධයෙන් කිසිදු බාධාවක් විෂය භාර අමාත්‍යවරයා නොදකින බව පෙන්වාදුන් විපක්ෂ නායකවරයා, එහෙත් එය සිදු කිරීමට සභානායකවරයාට ඇති බාධාව කුමක්දැයි ප්‍රශ්න කර සිටියා.
මෙම දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම කල් දමන්නට ආණ්ඩුව කටයුතු කරද්දී ඊට එරෙහිව සමගි ජන බලවේගය පෙනී සිටීම හේතුවෙන් ආණ්ඩුවේ උත්සාහය පරාජය කරමින් අදාල පනත අද දිනයේම සම්මත කර ගැනීමටද හැකිවුනා.