විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කර ඇත්තේ මෙම වසරේ ගතව ඇති මාස හයක කාලයක් තුල විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය වී විදේශගත වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 150,000 සීමාව ඉක්මවා ඇති බවයි.
ඒ අනුව මෙම වසරේ ලක්ෂ තුනක පමණ ශ්‍රමිකයන් පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වෙතැයි අපේක්ෂා කරන බව එහි සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කර තිබේ.
ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මේ වසර තුළ කටාර්, කුවෙට්, සෞදි ආරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් සදහා ශ්‍රමිකයන් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකාවෙන් යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවතයි.
“ඊට අමතර ව අපි දකිනවා රුමේනියාව සහ ජපානය කියන රටවල් දෙකටත් වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යොමු වෙලා තියෙනවා. සමස්තයක් ලෙස ගත්තාම ශ්‍රී ලාංකිකයින් තවදුරටත් විදේශගත වන ප්‍රවණතාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ, වැඩි වශයෙන් කුසලතා සහිත ශ්‍රමිකයන් විදේශ රැකියා වෙළෙඳපොළ සඳහා යොමු කිරීමට” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.