තල්පාදුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකරන ලද මෙහෙයුමකදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ඒ අතර බාලවයස්කරුවකුද සිටින බව සදහන්වේ.
ව්‍යාජ මුදල් නෝට්ටු අතර රුපියල් 5000 යේ නෝට්ටු 8 ක්, දහසේ නෝට්ටු 10 ක් හා පන්සියයේ නෝට්ටු 15 ක් එක් අයකු සන්තකයේ හා රුපියල් 5000 යේ නෝට්ටු 1 ක්, දහසේ නෝට්ටු 2 ක් බාලවයස්කාරයකු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 21 හා 16 වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔහුන් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සදහා මන්නාරම පොලිසිය වෙත භාර දී තිබේ.