මල්ලාවි පොලිස් වසමේ පාලිනගර් ප්රදේශයේ දී නිවසකට ඇතුළු වූ පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
වෙඩි වැදුණු 23 හැවිරිදි තරුණයා එම ස්ථානයේදීම මියගොස් තිබේ.
මෘතශරීරය මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීම සදහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති බව සදහන්.
වෙඩිතැබීම සිදුකරන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.