ත්රිකුණාමලය මඩකලපුව මාර්ගයේ සර්වෝදය පාර හංදිය අසල ඊයේ (09) දහවල් සිදු වූ අනතුරකින් වයස අවුරුදු එකයි මාස 02ක කුඩා බිළිදියක් මියගොස් ඇති බව වාර්තා වේ.
මඩකලපුව සිට එරාවූර් දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
අනතුරින් තුවාල ලැබූ ත්රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් සහ ඇයගේ බිළිදිය මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර ,ඉන් අනතුරුව බිළිදිය මියගොස් ඇති බව සදහන්.
අනතුර සම්බන්ධයෙන් කොකුවිල් පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.