කිහිප වරක් සිය දිවි හානි කර ගැනීමට තැත් කළ තරුණියක් මුහුදට පැන සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ අහුංගල්ල මාකුඹුර පදිංචි 31 හැවිරිදි අවිවාහක තරුණියකි.
මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කේග වගආරච්චි මහත්මිය විසින් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේදී සිදු කරන ලදි.