කොළඹ නගරය තුළ ගංවතුර පාලනය කිරීමේ අරමුණින් ඇළ වේළි සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ජලය බැස යාම සඳහා ඇති ඇළ මාර්ග පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් ඉදිරියේදී ගංවතුර තත්ත්වය තවදුරටත් තීව්ර විය හැකි බැවින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව සඳහන් වේ,
ඒ අනුව නාගහමුල්ල වැව , බත්තරමුල්ල , දියවන්නා ඔය , කිඹුලාවල ඇල , තලවතුගොඩ වැව , පාලම් තුන අසල ඇළ ඇතුළු තවත් වැව් සහ ඇළ මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ කර තිබේ.