ශ්රී ලංකාවේ ජනාධිපති රනිල් වික්රමසිංහ ස්වීඩනය සහ මානව හිමිකම් කවුන්සිලය බරපතල ලෙස විවේචනය කර තිබේ. ඒ ස්වීඩනය විසින් “අල් කුරානය” ගිනිතැබීමට විරෝධය පාමිනි .
එම ක්රියාව ‘නමස්කාරයේ නිදහස’ උල්ලංඝනය කරන බවත් එය ‘ප්රකාශනයේ නිදහස’ ලෙස සාධාරණීකරණය කළ නොහැකි බවත් වික්රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
එසේම ජනාධිපතිවරයා ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ නිශ්ශබ්දතාවයද ප්රශ්න කරන ලදී.
“ඔබට හැකි සියල්ලම අදහස් ප්රකාශ කිරීමේ නිදහස ලෙස සැලකිය නොහැකියි. එහි සීමාවන් තිබෙනවා. මෙය පැහැදිලිවම නමස්කාරයේ නිදහස පිළිබඳ ප්රශ්නයක්. කුරානයේ බොහෝ වැදගත් දේ තිබෙන බව මම හිතනවා.” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ මෙම ප්රකාශය වැදගත් වන්නේ, රාජ්ය නායකයන් ගරු කළ යුතු ආගමික නිදහස පිළිබඳව මනා අවබෝධයක් ඔහු ළග තිබෙන බව පෙන්වා දීමයි. ශ්රී ලංකාවේ සමහර ජාතිවාදී, ආගම්වාදී දේශපාලන නායකයන්ට මෙම ප්රකාශය තුලින් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ.
මේ වන විටත් උතුරේ ආගම්වාදය සහ ජාතිවාදී ගැටලු ආරම්භ වෙමින් තිබේ. ඒවා ඇතිකරන්නේ උතුරේ සහ දකුණේ වර්ගවාදී, ආත්මාර්ථකාමි දේශපාලන නායකයන් විසිනි.