එළඹෙන මහ කන්නයේ දී පොහොර මිළදී ගැනීම සදහා වව්චර් පත් නිකුත් නොකරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව ගොවීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට තීරණය කර ඇති බව සදහන්.
මෙවර යල කන්නයේදී රසායනික හෝ කාබනික පොහොර මිළදී ගැනීම සදහා රජය විසින් බෙදා හැරි වව්චර් පත් වල වටිනාකම බිලියන 11කි.
ඒ අනුව වව්චර්පත් බෙදා හැරීමේදී පවතින ප්‍රායෝගික ගැටලු සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.