සමාජ අසාධාරණකම් ගැන සමාජමාධ්‍ය ඔස්සේ ප්‍රබල ලෙස නිර්භීතව හඬනගන හිමිනමක් වශයෙන් ප්‍රකට මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් දියවඩන නිලමේවරයා සම්බන්ධයෙන් පළකළ පෝස්ට්ටුවකට උරණවු අස්ගිරි පාර්ශවයේ ප්‍රබල හිමිවරුන් කීප දෙනකු එම හිමියන්ට ව්‍යංගාර්ථයෙන් තර්ජනය කර ඇතැයි අස්ගිරි විහාර ආරංචි මාර්ග පවසයි.
මෙම ප්‍රබල හිමිවරුන් සුමිත්ත හිමියන්ට ව්‍යංගාර්ථයෙන් කළ තර්ජනය ගැන අස්ගිරි විහාරයේ බහුතර හිමිවරුන්ගේ විරෝධය දැනටමත් පළකර තිබෙන බවද දැනගන්නට ඇත. ගිහි පැවිදි ඔිනෑම අයකුගේ දූෂිත ක්‍රියා නිර්භිතව හෙළිකළ සුමිත්ත හිමියන් ගැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් තුළ ඇත්තේ ප්‍රසාදයකි.
දියවඩන නිලමේවරයාගේ දූෂිත හා වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් සුමිත්ත හිමියන් කාලයක සිට ෆේස්බුක් හරහා සමාජය දැනුවත් කරමින් සිටියහ. “දියවඩන නිලමේවරයා ගැන සමාජයේ බහුතරයක් දෙනා අප්‍රසාදයෙන් පසුවන්නේ මන්දැයි” විමසමින් සුමිත්ත හිමියන් පලකළ පෝස්ට්ටුව ගැන සිත් රිදි ඇත්තේ දියවඩන නිලමේට නොව අස්ගිරියේ ප්‍රබල හිමිවරුන්ට බව එම විහාරයේ තරුණ හිමිවරු පිරිසක් අප පුවත් සේවයට පැවසුහ.
මෙම පෝස්ට්ටුව ගැන කේන්ති ගිය එම හිමිවරුන් කීප දෙනා ස්පීකර් ෆෝන් දමා සුමිත්ත හිමියන් අමතන්නට සුදානම් වනවිට එසේ නොකරන ලෙස අස්ගිරියේ හිමිවරු කීප නමක් එම අවස්ථාවේදි පැවසුවත් එය ගණනකට නොගත් ප්‍රබල හිමිවරු සුමිත්ත හිමියන් අමතා තිබේ.
දියවඩන නිලමේ යනු ජාතියේ වාසනාවට පහළවු කෙනෙකු බවත් ඔහුට පහර ගැසීම ගැන මල්වතු විහාරයේ නාහිමිවරුද කනගාටුවට පත්ව ඇති බවත් එම ප්‍රබල හිමිවරුන් සුමිත්ත හිමියන්ට පවසා ඇතැයි අස්ගිරි විහාර ආරංචි මාර්ග පවසයි.
එසේම රටට හා දළදා මාලිගාවට විශාල සේවාවක් කළ මෙවන් දියවඩන නිලමේවරයකු මෑතක පත්නොවු බවත් ඔහුට පහර ගැසීම වහාම නතර කරන ලෙසත් සුමිත්ත හිමියන්ට ප්‍රබල හිමිවරු ව්‍යංගාර්ථයෙන් තර්ජනය කළ බව අස්ගිරි විහාරයේ හිමිවරු පිරිසක් පැවසුහ.
දියවඩන නිලමේ යනු දුෂිත හොරෙකු බව මුළු රටම දන්නා නමුත් ඔබ වහන්සේලා පමණක් එය නොදැන සිටිම කනගාටුවට කරුණක් බවත් කාටවත් තමන් කරගෙන යන වැඩපිළිවෙළ නතර කළ නොහැකි බවත් අවශ්‍යනම් තමන්ට අස්ගිරි විහාරයෙන් ලබාදි ඇති වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය අහෝසි කරන ලෙසත් එහිදි සුමිත්ත හිමියෝ සෘජුවම අස්ගිරියේ එම ප්‍රබල හිමිවරුන්ට පැවසු බව එම විහාරයේ හිමිවරු කීපනමක්ම අප හා පැවසුහ.
නායක පදවියට වඩා තමන්ට වටින්නේ රටේ බහුතර ජනයා දරණ මතය බවත්,රටේ මෙපමණ ශාසනික ප්‍රශ්න තිබියදි මහ විහාරය නිහඬව සිට දියවඩන නිලමේ ගැන දැමු පෝස්ට්ටුවකට මේ අන්දමින් කතාකිරිම ගැන අතිශය ලැජජාවන බවත් සුමිත්ත හිමියෝ පැවසුවිට ප්‍රබල හිමිවරුන් මදක් නිහඬවු බවද එම විහාර ආරංචි මාර්ග පවසයි.
මොන දූෂිත වැඩේ කළත් මල්වතු අස්ගිරි විහාර දෙකේ ප්‍රබල හිමිවරුන් නිහඬව සිටින්නේ නිලමේගෙන් මාසිකව එම හිමිවරුන්ට දීමනාවක් ලැබෙන නිසා බව මහජනයා චෝදනා කරන බව සුමිත්ත හිමියන් මෙහිදි එම ප්‍රබල හිමිවරුන්ට පැවසුවිට උන් වහන්සේලා ගොළුත රැකී බව අප වෙත අදහස්දැක්වු අස්ගිරියේ හිමිනමක් පැවසුහ.
දියවඩන නිලමේවරයා සුමිත්ත හිමියන්ට කතාකිරිමට කැමැත්තෙන් සිටින නමුත් උන් වහන්සේ එය පටිගත කරාවි යැයි බියෙන් එසේ නොකරන බවත් ළගදිම සුමිත්ත හිමියන් හමුවිමට නිලමේ එවන බවත් මෙහිදි සුමිත්ත හිමියන්ට එම ප්‍රබල හිමිවරුන් පැවසු බවද මහවිහාර ආරංචි මාර්ග පවසයි.
දියවඩන නිලමේගේ වැඩකිඩ ගැන දැනගන්නට අවශ්‍යනම් මෑතකදි එළිදැක්වු කපටි උපාසක පොත කියවන ලෙස සුමිත්ත හිමියන් ප්‍රබල හිමිවරුන්ට පැවසුවිට උන් වහන්සේලා දුරකතනය විසන්ධි කර ඇතැයි අස්ගිරි විහාර ආරංචි මාර්ග පවසයි. මෙය සිදුව තිබෙන්නෙ 14 වැනිදා (2023. 07. 14) වැනිදා රාත්‍රී 7-8 අතරය.
මෑතකදි ඇතිවු ශාසනික කිසිම ප්‍රශ්නයකට කතා නොකළ නාහිමිවරු දියවඩන නිලමේ වැනි වංචනිකයකු වෙනුවෙන් මේ අන්දමින් පෙනි සිටිම අප පුවත් සේවයටද ප්‍රශ්නයකි.
මෙම දුරකතන සංවාදයෙන් පසු දියවඩන නිලමේවරයා අමතා ඇති අස්ගිරියේ හිමිවරු සුමිත්ත හිමියන්ට තමන් තදින් අවවාද කළබවත්, නිලමේ වෙනුවෙන් තමන් ඕනෑම දෙයක් කිරිමට සුදානම් බවත් පවසා ඇතැයිද දැනගන්නට ඇත. කෙසේ නමුත් මෙම සිදුවීම සුමිත්ත හිමිගේ ජීවිතයට තර්ජනයක් වන අතර මෙහි අවසානය කුමක් වේවිද යන්නද ගැටලු සහගතය.
ශ්‍රී රාවණා සටහන
බෞද්ධ දර්ශනයේ අවිහිංසාවාදය තිබිය යුත්තේ දියවඩන නිලමේවරයාට පමණක් නොවේ. අදාළ මිගෙට්ටුවත්තේ හිමිටද පොදුය. ගෞතම බුදු රදුන්ගේ ශ්‍රාවකයන් සේ පෙනී සිටිමින්, බුදුන් වහන්සේ දෙසු මග නොයන්නේ නම් ඔවුන් කිසිදා බෞද්ධ හිමිවරුන් වන්නේ නැත. එසේම රටේ පවතින නීතියට අනුව ජීවත් වීමට සියලුම හිමිවරුන් කටයුතු කල යුතුය. පවතින නීතියට අනුව ජිවත් විය යුතු බවද බුදුන් වහන්සේ දෙසු දහමේ සදහන් වේ. මේ ලියුම්කරුද ගිහි බෞද්ධයෙකි. අප දන්නා උගත් දහමේ මෙවැනි අය බෞද්ධ හිමිවරුන් නොවේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම විනාශ කිරීමේ ක්‍රියාවලිය මෙවැනි ස්ථානතුලින්ම ක්‍රියාත්මක වීම පිලිබදව සාමාන්‍ය ජනතාව මේ වන විටත් දැඩි අප්‍රසාදය පළකරමින් සිටී.
මෙහි බරපතලම ඛේදවාචකය නම් සංඝ සමාජයේ ඇද වැටීමයි. ගිහි බෞද්ධයන් ලෙස අප කොතරම් දුරට සංඝ සමාජය තුලට බැසිය යුතුද කියා අවබෝධ කොට ඒ සම්බන්ධව මැදිහත් විය යුතු බව මගේ පිළිගැනීමයි. ඒ අපගේ කළගුණ සැලකීමක් හා සමාජීය යුතුකමක් ලෙස සැලකිය මනාය.
මධ්‍යතන යුගයට පෙර පැවති සිංහල සමාජය තුල මූලික සමාජීය සිද්ධාන්ත බවට පත්වූයේ බුදු සමයෙහි ඉගැන්වීම් වෙයි. නමුත් ඉන් පසු ඇතිවූ නව්‍යවාදි සංකෘතික අධිස්ථාපනයේ ප්‍රථිපල ලෙස සමාජය මහා පරිහානියකට ලක්ව ඇත. එය ශාසනිකවත් අන්වරතව සිදුවමින් ඇත.
ඉපැදීම සම්බන්ධව සිංහල සංස්කෘතිය තුල බුදු සමයෙහි ඇති විස්තර කිරීම් ඇතුලත් වී ඇත. අදටත් එවැනි දෑ අවශේෂ වී ඇත. ‘පෙර පින’, ‘සසර පුරුද්ද’, ආදි කොට ගත් සංකල්ප වලින් එය පැහැදිලි කෙරෙයි. නමුත් අද ‘ලාංකික’ සමාජය තුල එය මහා හාස්‍යයට කරුනකි. මෙය ශාසනයටද බලපා ඇත්තේ ඛේදාන්ත ජාලයක් ඇති කරවමින්ය.
තිබ්බතය ‘සසර පුරුද්දට’ මහණකමත් එහි නිළතලත් අදටත් ලබා දෙමින් ඔවුන්ගේ විසිතුරු සංකෘතිය රැකගෙන සිටියි. ‘ලාංකික’ භික්ෂුව සසර පුරුද්ද ඉවත් කොට ‘ලේ උරුමය’ මුල් කොට ගෙන ඇත්තේ කොතැනක වැරදීමකින්ද කියා සැම සොයා බැලිය යුතුව ඇත.
ලංකාවේ මහන කම ‘වෘතියක්’ වී තිබෙන බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ. මේ තර්ජනය කරන ලද හිමිවරුන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කරන්නේ නම් එය මනාව සොයාගත හැකිවනු ඇත. එහෙයින් ලාංකීක භික්ෂු සමාජය නැවත ප්‍රතිසංවිධානය විය යුතුව තිබේ. මෙය කිරීමේදී අප පරිස්සම් විය යුත්තේ අපේ සංඝ සමාජයේ මුල් හා පදනම් හදුනා ගැනීමේදීය. භික්ෂුවක් පලමුව තම ආධ්‍යාත්මික දියුණුව ප්‍රධාන කර ගත යුතුව ඇත. නොයෙසේ නම් තමනුත් තමන් නියෝජනය කරන සංඝ සමාජයත්, එය පසු පස ඇදෙන පෘතජ්ජන සමාජයත් අවුලෙන් වියවුලට පත්වීම වැලකිය හැකි නොවෙයි. එසේ පෘතග්ජන මිනිසා විසින්ම අධ්‍යාත්මය නොමැති නාමමාත්‍ර භික්ෂුන්ට එරෙහිව සිටි.
නූතන භික්ෂුවට ශාසනික අරමුණක් නැත. ලාංකික බොහෝ හිමිවරු අද වන විට වෙහෙසෙන්නේ තමන්ගේ භෞතික දියුණුව තකාය. කෙසේ නමුත් සැබෑ බෞද්ධ භික්ෂු වහන්සේලා ආරණ්‍ය සේනාසන තුළදී දැකිය හැකිය. කෙසේ නමුත් බුදහු දහම රැකගැනීම උදෙසා කල යුතු දේ බොහෝය.