පාකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවර පැවති ” ගාන්ධාර සහ තක්ෂිලා සම්ප්රදාය ” යනුවෙන් හැඳින්වූ පර්යේෂණ නිබන්ධන පත්‍රිකා ඉදිරිපත් කිරීමේ වැඩමුළුවකට සහ සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික බෞද්ධ දූත පිරිස ඊයේ (16) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බව වාර්තා වේ.
මෙම වැඩසටහන සඳහා අභයගිරි විහාරාධිකාරී ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කල්ලංචියේ රතන ස්වාමීන් වහන්සේ , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරී වැලිවිටියේ සුජීව ස්වාමීන් වහන්සේ , බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධ්යක්ෂ නිශාන්ත පුෂ්පකුමාර මහතා යන අය සහභාගී වී තිබූ අතර මෙයට ශ්‍රී ලංකාව අවට කලාපයේ බෞද්ධ රටවල් 09 ක ධූත පිරිසක් එක්ව සිටි බවත් , එම වැඩසටහන පසුගිය 10 වනදා සිට දින 07 ක කාලයක් පුරාවට පවත්වා තිබෙන බවත් සඳහන් වේ.
එමෙන්ම මෙම සම්මන්ත්‍රණය සහ පර්යේෂණ නිබන්ධන පත්‍රිකා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එරට බෞද්ධ උරුමයක් වූ අශෝක රජු විසින් කරවූ ” ධර්මරාජ ස්තූපය ” සහ තක්ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බුදුන් වහන්සේගේ දක්ෂිණ දන්ත ධාතූන් වහන්සේ දැක බලා ගැනීමට ද ශ්‍රි ලංකා දූත පිරිස ගොස් තිබේ.