කෘෂිකර්ම අමාත්යංශය සඳහන් කරන්නේ චීන පොහොර තොගය තුන්වන පාර්ශවයක මැදිහත්වීමකින් පරීක්ෂා කිරීම සඳහා මේ වන තෙක් එකඟතාවයකට එළඹ නොමැති බවයි.
එමෙන්ම අදාළ චීන සමාගම විසින් පොහොර තොගය පරීක්ෂා කළ ද නිරෝධායන නීතිවලට පටහැනිව එම පොහොර මෙරටට භාරගත නොහැකි බව ද කෘෂිකර්ම අමාත්යංශය සඳහන් කරයි.