සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති විරෝධතාවයෙන් කොළඹ මාකස් ප්‍රනාන්දු මාවත, නෙළුම් පොකුණ අවට ඇතුළු අවට මාර්ග කිහිපයකම දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.
මෙම විරෝධතාවය ජනතාවගේ ජීවන වියදම ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් පාදක කරගනිමින් සංවිධානය කර ඇති අතර මෙම විරෝධතාවය විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වී ඇති බව වාර්තා වේ.
මෙම විරෝධතාවය තහනම් කිරීම සඳහා නියෝග ලබාදෙන මෙන් පොලිසිය අධිකරණ කිහිපයක් හමුවේ ඉල්ලීම් කර තිබුණ ද බොහෝ අධිකරණ විසින් එම ඉල්ලීම ඊයේ (15) දිනයේ ප්‍රතික්ෂේප කර ඇත.
එමෙන් ම මෙම විරෝධතා රැලිය පාලනය කිරීම සඳහා සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරන අතර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන අයවලුන් උදෙසා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කර ඇත.