කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව කළුතර උතුර පොලීසිය වාර්තා කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත බන්ධනාගාර ගතව සිටි “ලොරියා” නැමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන රැඳවියකු මෙලෙස සියදිවි හානි කරගෙන තිබේ.
බන්ධනාගාර රෝහල තුළ පිහිටි සිර මැදිරියක දොරෙහි මෙම රැඳවියා ගෙල වැලලා ගෙන ඇති බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
සියදිවි හානි කරගත් පුද්ගලයා අධික ලෙස මත්පැනට ඇබ්බැහි වී ඇති අයකු බවද සඳහන් වේ.