හැටන් සිරි කුරුස දේවස්ථානයේ ශා/අනා මුනිස්වරියගේ වාර්ෂික මංගල්‍යය මේ මස 22 හා 23 යන දෙදින තුළ
පැවැත්වෙන බවට හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් පැවසිය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු නියුමන් පිරිස් පියතුමන් පවසන ලද්දේ මෙම මංගල්‍යයේ සන්ධ්‍යා දේව මෙහෙය 22 වන දින සවස 5.00ට හැටන් සිරි කුරුස දේවස්ථානයේදි පැවැත්වෙන බවත්ය.
23 වන දින උදැසන 8.30ට කොළඹ පදවියේ සහයක රදගුරු
අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්
වීශේෂ මංගල්‍ය දේව මෙහෙය පැවැත්විමෙන් අනතුරුව ශා/
අනා මුනිස්වරියගේ ප්‍රථිමාව රැගත් දේව පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කිරිමෙන් අනතුරුව මෙවර වාර්ෂික මංගල්‍ය නිමාවට පත්වන බවද නියුමන් පිරිස් පියතුමන් වැඩිදුරටත් පැවසිය.