සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු ගර්භය තුළ දී ද විරෝධතා පුවරු රැගෙන විරෝදය පලකර ඇත.
ඒ ඊයේ (16) පැවති සමගි ජන බලවේගයේ විරෝධතා රැලිය මර්දන සඳහා පොලිසියේ මැදිහත්වීමට එරෙහිවය.
අද (17) උදෑසන පාර්ලිමේන්තුව රැස්වූයේ 2022 වසර සඳහා වන අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ සිව්වන දිනය වෙනුවෙන් වන අතර එහි දී විවාදය සඳහා එක්වෙමින් සමගි ජන බලවේගයේ මහ ලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා චෝදනා කර සිටියේ ,ආණ්ඩුවට එරෙහි විරෝධය පාලනය කිරීම සඳහා පොලීසිය යොදාගත් බවයි.