අද (17) පස්වරුවේ කාසල්රි ජලාශයේ තිබී තරුණයෙකුගේ මළසිරුරක් හමුව ඇත.
මෙලෙස හමුව ඇත්තේ නොර්වුඩ් වත්ත ඉහළ කොටසේ පදිංචිව සිටි සරත් කුමරන් නමැති 20 හැවිරිදි තරුණයෙක් වන බවයි නොර්වුඩ් පොලිසිය සඳහන් කරන්නේ.
ඔහු මීට පෙර දිනක දී නිවසෙන් අතුරුදන්ව ඇති අතර පසුව ඔහුගේ මළසිරුර මෙලෙස කාසල්රි ජලාශයේ තිබී හමුව ඇත.
කාසල්රි ජලාශයේ නිව්වැලි වත්ත ප්‍රදේශයේ දියනෑම සඳහා ගිය පිරිසක් ජලාශය අසල තිබී අයිතිකරුවෙකු නොමැති ජංගම දුරකථනයක් සහ පාවහන් යුවලක් ඇති බවට නොර්වුඩ් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදුකර ඇත.
ඒ අනුව තරුණයාගේ ඥාතීන් විසින් ජංගම දුරකථනය සහ පාවහන් යුවල හඳුනාගැනීමත් සමග අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ධීවරයින් සහ ප්‍රදේශවාසීන් ජලාශයේ මෙහෙයුමක් දියත් කර ඇත.
ඒ අනුව තරුණයාගේ මළසිරුර සොයාගෙන ඇති අතර මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා මේ වන විට දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බව නෝර්වුඩ් පොලිසිය පවසයි.