සිරිපුරවත්ත 15 කනුව පදිංචි නිහාල් රෙක්ෂි ෆර්ඩිනෑන්ඩස් මහතා විසින් දළදා මාලිගාවේ තාවකාලික සිවිල් පාලකයන්ගේ වංචා සහ දූෂණ පිලිබදව පොලිස් මූල්‍ය අපරාද ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට B/34983/2015 ලෙස පොලිස් මූල්‍ය අපරාද ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. නමුත් පසු ගිය දිනයක එම නඩුව ඉවත් කරගෙන තිබෙන බව වාර්තා වේ. මෙම පැමිණිල්ලෙන් සෘජුවම ප්‍රදීප් නිලංග දෑලට චෝදනා ඉදිරිපත් කර තිබේ. එසේම විවිද කරුණු වෙනුවෙන් පැහැදිලිවම සාක්ෂි තිබෙන බවටද මීට සති කිහිපයකට පෙර ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය සහ ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා ප්‍රසිද්දියේම ප්‍රකාශ කර තිබුණි. ප්‍රදීප් නිලංග දැල යනු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේය.
නිහාල් රෙක්ෂි මතාගේ පැමිණිල්ලට අනුව ශ්‍රී දළදා මාලිගාවට අයත් ඉඩම් විකිණීමේදී රුපියල් 92,87000.00 මුදලක් වංචා කිරීම, CD තැටි ජාවාරමක් සිදුකර එම මුදල් මාලිගාවේ ගිණුමට බැර නොකිරීම. ප්‍රදීප් නිලංගගේ PND ක්නස්ට්‍රක්ෂන් සමාගම සදහා ශ්‍රී දළදා මාලිගාවේ මුදල් යෙදවීම, ප්‍රදීප් නිලංග දැලට අයත් මිනි කූපර් කාර් රථය අලුත් වැඩියාව සදහා මාලිගාවේ මුදල් යෙදවීම, දළදා මාලිගාවට පූජා කර ඇති රන් භාණ්ඩ අස්ථානගතවීම, දළදා මාලිගාවේ වාහන යොදා ගනිමින් 2015 දියවඩන නිලමේ නිලවරනයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම, අල්ලස් ලබා දීම සහ එම අල්ලස් ලබා දීම් මැතිවරණ කොමසාරිස් විසින් අල්ලා ගැනීම ආදී චෝදනා රාශියක් අඩංගු වේ.
අප මේ පිලිබඳව නිහාල් රෙක්ෂි මහතාගෙන් විමසීමක් කල අතර ඒ මහතා දැනුම් දුන්නේ ඒ පිලිබඳව තමන්ට කිසිදු කණගාටුවක් නොමැති බවත්, තමන් තමන්ගේ යුතුකම් කොටස නිසි ලෙස ඉටු කල බවත්, මහජනතාවගෙන් වැටුප් ලබන රාජ්‍ය නිලදාරීන් තම රාජකාරිය පැහැර හැරීමෙන් ඔවුන්ටද, ඔවුන්ගේ දරු මුණුපුරන්ටද ඒ ආකාරයෙන් ම ප්‍රශ්න වලට මූණ දීමට සිදු වන බවය.
එසේම තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කලේ, “ ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය විසින් මේ පිලිබදව මූලික අයිතිවාසිකම් නඩුවක් ද, පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාවටද, නීතිවිරෝදී ලෙස මැදිහත්වෙමින් අධිකරණය නොමග යවා තිබෙන අයට විරුද්ධව පොලිස් මූලස්ථානයටද පැමිණිලි කිරීමටද කටයුතු කරමින් තිබෙන බව සහ මහනුවර මහේස්ත්‍රාත්වරයාට විරුද්දව අධිකරණ සේවා කොමිසමට ද පැමිණිලි කරන බවය ”.
රාවණා පසු විපරම සහ අපරාද නඩුවක ස්වරූපය.
මෙම සිද්ධීන් පිලිබදව මීට සති කිහිපයකට පෙර ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය මාධ්‍යයට කරුණු දැක් වූ අතර ඔවුන්ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. කෙසේ වුවද එවන් පසුබිමක මෙම නඩුව ඉවත් කරගෙන තිබෙන්නේ පොලිස් මූල්‍ය අපරාද ඒකකයෙන්ද එසේ නොමැති නම් වෙනත් කුමන නීත්‍යානුකූල මාර්ගයකින්ද යන්න අවසන් නඩු වාර්තාව තුලින් පැහැදිලිව දක්නට නැත.
කෙසේ වුවත් මෙම නඩුව නැවත කැදවීමට තිබී ඇත්තේ 2022. 02.22 වන අතර පසු ගිය 27 වැනිදා මෙම සිද්ධිය සිදුව තිබේ. නඩු වාර්තාවට අනුව නම් පැමිණිල්ල වෙනුවෙන් කිසිවෙකු පෙනී සිට නැත. නමුත් දළදා මාලිගාවේ අයිතිවාසිකම් වෙනුවෙන් ලෙස නීතීඥවරයෙකු පෙනී සිට තිබේ. කෙසේ වුවත් දළදා මාලිගාවේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ පැමිණිල්ලය. අපරාධ නඩුවක පැමිණිල්ල යනු පොලිසිය හෝ නීතිපතිය. මෙහිදී පෙනෙන අයුරින් ශ්‍රී දළදා මාලිගාව වෙනුවෙන් ලෙස නීතීඥ මැදිහත්වීමක් සිදුව තිබෙන අතර එයින් අධිකරණය නොමග යවා තිබෙන බව පෙනේ. එසේ ඉදිරිපත් වී ඉදිරිපත් කරුණු මොනවාද යන්න නඩු වාර්තාව තුල සදහන් නොවේ.
කෙසේ වුවත් අධිකරණයක් විවේචනය කිරීමට කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට නීතියෙන් අවසර නැති වුවද, අධිකරණය නොමග යැවීම පිලිබදව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සදහන්ව තිබේ. ඒ අනුව මෙහිදී අධිකරණය නොමග යැවීමක් පෙනෙන්නට තිබෙන අතර වංචාකල පුද්ගලයෙකු බේරා ගැනීම සදහා “ශ්‍රී දළදා මාලිඟාව” යන වචනය යොදාගෙන තිබේ. මෙවැනිම කටයුත්තක් ප්‍රදීප් නිලංග දැලට විරුද්දව පවරා තිබු වෙනත් නඩුවකදීද භාවිතා කර තිබෙන බවට තොරතුරු අප සතුව තිබේ.
ඒ අනුව, අප සතුව තිබෙන කොළ 500 කට ආසන්න නඩු වාර්තාවට අනුව, සහ අවසන් දිනයේ සටහන් වල ,
“දළදා මාලිගාවේ අයිතිවාසිකම් වෙනුවෙන් …… පෙනී සිටි” අතර
“මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නීතීඥවරයෙකු පෙනී නොසිටි” .
ලෙස සදහන් වේ.
එසේම පොලිස් මූල්‍ය අපරාද ඒකකය මෙදින පෙනී සිටි බවක්ද සදහන් නොවේ.
මෙහිදී පෙනී යන්නේ , පොලිස් මූල්‍ය අපරාද ඒකකය වෙනුවෙන් තමා පෙනී සිටින බව ඇගවීමක්ද නොවේ. දළදා මාලිගාවේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ පැමිණිල්ල නොහොත් පොලිස් මූල්‍ය අපරාද එකකය හෝ නීතිපති වෙනුවෙන් නීතීඥවරයෙකු විය යුතුය. නමුත් පැහැදිලිවම නඩු වාර්තාව තුල “ දළදා මාලිගාවේ අයිතිවාසිකම්” වෙනුවෙන් පෙනී සිටිය යුතු රජයේ පාර්ශවය මෙහි පෙනී සිට නැත. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටීමක් නොමැතිව, ඒ වෙනුවෙන් පෙනී සිටීමක් ලෙස මෙහි එම නීතීඥ පෙනී සිටීම සිදුව තිබේ. ඔහු ඉදිරිපත් කල කරුණු මොනවාද යන්න මෙහි සදහන් නොවේ.
ඒ අනුව එම නීතීඥ මහතා ඉදිරිපත් වී ඇත්තේ “ දළදා මාලිගාවේ අයිතිවාසිකම්” වෙනුවෙන් නම් එහි නීතිවිරෝදී පෙනී සිටීමක් පෙන්වන අතර අධිකරණය නොමග යවා වැරදි කාරයෙකු බේරා ගැනීමට කටයුතු කර තිබේ. එසේ නොවේ නම් ගැටලුව පැන නගින්නේ, මේ පෙනී සිටීමෙන් පසු නඩුවේ කටයුතු විභාගයකින් තොරව අවසන් කලේ කෙසේද යන්නය.
එබැවින් මෙම නඩු කටයුත්ත වෙනුවෙන් මේ පෙනී සිටීම නිසා අධිකරණය නොමග යැවීමෙන් කුමන්ත්‍රණය, රජය අපකීර්තියට පත් කිරීම , ව්‍යවස්ථා විරෝදීව කටයුතු කිරීම, වරදකට අනුබල දීම, වරදක් වසන් කිරීම, විරුද්දත්වය ඇවිස්සීම , වංචාව, අසත්‍ය තොරතුරු සැපයීම, රජයේ සේවකයෙකුට අසත්‍ය තොරතුරු සැපයීම සහ එයින් මහජනතාවට පාඩු සිදුකිරීම, අසත්‍ය බව දනිමින්ම බොරු සාක්ෂි ඉදිදිරිපත් කිරීම, ඇතුළුව විශේෂයෙන්ම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 202 වගන්තිය යටතේ “ නඩුවක යම් ක්‍රියාවක් හෝ කාර්යක් සදහා ව්‍යාජ ලෙස අන්‍යයෙකු සේ පෙනී සිටීම” යන චෝදනාවද, එම පනතේම 203, 204, 206, 211 යන වගන්තීන් මුල් කරගෙන අපරාධ චෝදනා ගොනු කල හැකිය.
නීතිය නම් එයයි. එහෙත් ශ්‍රී ලාංකිකයන්ගෙන් 90 % ක්වත් නීතිය නොදන්නා බැවින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන නීති පොත තමන්ට හිතෙන හිතෙන අයුරින් පෙරලන අතර, තවත් වැඩි දිනකට නොගොස් සාමාන්‍ය ජනතාව නීතිය අතට ගනු ඇත. එය ඊයේ (17) ඇඹිලිපිටිය පනාමුර පොලිසිය අසලදීද දක්නට හැකි විය. එහිදී මහේස්ත්‍රාත් වරියටද යම් බාධාවක් සිදු වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. එබැවින් මේ සියලු දේවල් වලින් නීතිය ක්‍රියාත්මක වන ආයතන නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් සාමාන්‍ය ජනතාව අධිකරණ කටයුතුවලට පවා බාදා කරනු ඇත. නීතිය ඉහලින්ම දන්නේ විනිසුරු බව පැහැදිලිවම නීති පොත පතේ සදහන්ය.