ඉදිරි පැය 24ක කාලය තුළ දී මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවරයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.
සෙසු මුහුදු ප්‍රදේශයන්හි ද ධීවර කටයුතු සහ නාවික කටයුතුවල නිරතවන පිරිස් ද අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ශ්‍රී ලංකාවට ඊසාන දිගින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බරහිර දෙසට බරව ගමන් කර අද දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළට ඇතුළුවන බවයි.
එමෙන් ම උතුරු, උතුරුමැද, වයඹ ,බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත.