වසර 580කට පසුව සිදුවන දීර්ඝතම අර්ධ චන්ද්‍රගහණය අද (19) දිනයේ සිදු වීමට නියමිත බව වාර්තා වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ නිරීක්ෂණයකට අනුව ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර ඇත.
මෙම චන්ද්‍රග්‍රහණය ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශ, ඇමෙරිකාව, උතුරු යුරෝපය, නැගෙනහිර ආසියාව, ඔස්ට්‍රේලියාව, පැසිෆික් කලාප ඇතුළු රටවල් රැසකට මෙම චන්ද්‍රග්‍රහණය දර්ශනය වන බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.
එමෙන් ම එළඹෙන දෙසැම්බර් මස 04 වනදා පූර්ණ සූර්යග්‍රහණයක් ද සිදුවන බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ.