පසුගිය දිනක කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු වූ ඉඩම් ආරවුලක් පිළිබඳව තුවාන් අඩම් සලීම් නමැති පුද්ගලයෙක් සමග ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් සිදු කරන ලද සාකච්ඡාවක් පිළිබඳව අප විසින් ලිපියක් ඉදිරිපත් කළෙමු.
මෙම සාකච්ඡාවේ දී ප්‍රධාන වශයෙන් තේමාව වූ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් වැරදිකරුවන් බව පවසන අනෙක් පාර්ශවය ද මෙම මාධ්‍යවේදියා සමග විවෘත සාකච්ඡාවක් පවත්වා ඇති අතර අප මාධ්‍ය ජාලය විසින් ඒ පිළිබඳව ද අවධානය යොමු කළෙමු.
මෙලෙස සාකච්ඡාවට සම්බන්ධ වූයේ අදාළ ඉඩම පැහැර ගත්තාය කියන පුද්ගලයා වන ෂේක් නැතිනම් මොහොමඩ් සිද්දික් ෂහික් නමැති පුද්ගලයා වන අතර ඔහු ව්‍යාපාරිකයෙකි.
ඔහු සඳහන් කරන්නේ සලීම් නමැති පුද්ගලයා පවසන පරිදි එම ඉඩම බලෙන් පැහැර ගැනීමක් සිදු නොකළ බවත් සලීම් නමැත්තාගේ බිරිඳට ලක්ෂ 45ක මුදලක් ඒ වෙනුවෙන් ලබා දී ඇති බවත් සලීම් නමැත්තාගේ දරුවන්ට ද ලක්ෂ 05 බැගින් වන මුදල් කොටසක් ලබා දී ඇති බවත් ය.
එම දරුවන් සහ ඔහුගේ බිරිඳ විසින් අත්සන් තබන ලද ලේඛණ ද මොහු සතුව පැවතුණි.
පොලිසියේ ඇතැම් නිලධාරීන් වෙත ද සලීම් නමැති පුද්ගලයා විසින් බොහෝ චෝදනා එල්ල කළ අතර ඒ සියල්ල ද සාවද්‍ය බවට මෙහි දී ඔහු සඳහන් කර ඇත.
මොවුන් දෙදෙනා කරන ලද ප්‍රකාශයන් සියල්ල එකිනෙකට පරස්පර විරෝධී වන අතර කවරෙක් නිවැරදි ද?කවරෙක් වැරදි ද? යන්න මෙහි දී මහත් ප්‍රහේළිකාවක්ව පවතියි.
එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වේ.