ඉදිරි මාස 6 ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ මුදල් ගෙන යාමට පනවා තිබූ සීමාවන් ලිහිල් කර ඇති බවත් , විශ්‍රාමිකයන්ගේ වර්තන ගනුදෙනු මත පනවා තිබූ සීමා ඉවත් කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇති බවත් වාර්තා වේ .
එමෙන්ම නව රෙගුලාසිවලින් මෙරටින් පිටත තිබෙන සමාගමක සාමාන්‍ය කොටස්වල ආයෝජනය කිරීම මෙතෙක් අත්හිටුවා තිබූ නමුත් එය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 2 දක්වා ආයෝජනය කිරීමට අවසර ලබා දී ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ .