ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරන්නේ පහළ කඩුගන්නාව ප්‍රදේශය ආශ්රිත මාර්ගය සහ දුම්රිය මාර්ගය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින බවයි.
නායයෑම් අනතුරු ඇඟවීම් සංඥා පද්ධතියක් එම ස්ථානයේ ස්ථාපනය කිරීමට කටයුතු කරන බවයි එම අමාත්‍යංශ තාක්ෂණික අධ්යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර මහතා සඳහන් කළේ.
දිවයින තුළ පසුගිය දින පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමග මෙම ප්‍රදේශය තුළ නායයාම් අවදානම් තත්ත්වයක් උදා වූ අතර ඒ හේතුවෙන් එම මාර්ගය සතියක කාලයක් වසා දැමුණි.
ඒ අතුරතුර කාලයේ දී ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර මේ වන විටත් විටින් විට ඒ පිළිබඳව අවධානයෙන් පසුවන බව ද ඔවුන් සඳහන් කර ඇත.