ඊයේ (20) රාත්‍රියේ දී මන්නාරම පොලිසිය විසින් මන්නාරම, උප්පුකුලම ප්‍රදේශයේ පාළු නිවසක සඟවා තිබූ කිලෝ ග්‍රෑම් 150යි, ග්‍රෑම් 750ක බරකින් යුතු වෝටර් ජෙල් නමැති පුපුරණ ද්‍රව්‍ය කූරු 1200ක ප්‍රමාණයක් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
මන්නාරම යුද හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලද තොරතුරක් මත පොලිසිය හා එක්ව මෙම මෙහෙයුම දියත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඒ අනුව අදාළ මෙහෙයුමින් මෙම පුපුරණ ද්‍රව්‍ය අඩංගු කූරු 7990ක පමණ තොගය සමග සැකකරුවන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය තොගය නීතිවිරෝධී මසුන් මැරීම සඳහා ගෙනැවිත් සඟවා තබන්නට ඇති බවට මන්නාරම ආරක්ෂක අංශ සැක පළ කරයි.