අද (01) අලුයම කොළඹ සිට ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වේ .
අදාළ ලංගම බස් රථයට ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් බස් රථයකට ඉඩ ලබා දීමට යාමේදී අද (01) අලුයම 4.30 ට පමණ කොළඹ – හැටන් ප්රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසළදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
සිදු වූ අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු පමණ වටවල ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයෙන් පසු වූ පස් දෙනෙකු වැඩි දුර ප්රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත් මාරු කර යවා තිබේ.
එමෙන්ම අනතුර සිදු වන අවස්ථාවේ දී බස් රථය තුළ මගීන් 100 දෙනෙකු සිට ඇති බව වාර්තා වේ .