පරිසර අමාත්‍යංශය විසින් මිලි ලිටර් 180 ධාරිතාවයෙන් යුතු මත්පැන් බෝතල් තහනම් කිරීමට තීරණය කර ඇත.
මීට හේතු වී ඇත්තේ එම මත්පැන් බෝතල් භාවිතයෙන් පසු පරිසරයට මුදා හැරීමෙන් පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවීමයි.
මේ පිළිබඳ කළ සමීක්ෂණයකින් හෙළි වූයේ 2018 වර්ෂයේ දී එවැනි කුඩා මත්පැන් බෝතල් කෝටි 10කට අධික ප්‍රමාණයක් පුද්ගලයින් විසින් භාවිත කර තිබූ බවට යි.
පරිසර අමාත්‍යංශය පෙන්වා දෙන්නේ මෙලෙස භාවිත කළ බෝතල්වලින් 100% ක්ම පරිසරයට මුදා හැර ඇති බවත් අදාල ආයතන මගින් එම බෝතල් යළි ප්‍රතිචක්‍රීකරණය කිරීමට හෝ ඒවා නිසි ලෙස මුදා හැරීමට කිසිදු වැඩ පිළිවෙළක් සකස් කර නොමැති බවයි.