සරම්ප රෝග තත්ත්වයක් හේතුවෙන් වව්නියාව බන්ධනාගාරය සති දෙකක කාලයක් සඳහා වසා දමා ඇති බව වාර්තා වේ .
ඒ අනුව, මීට දින කිහිපයකට පෙර වව්නියාව බන්ධනාගාරය වසා දමා ඇති බව බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළ අතර වව්නියාව බන්ධනාගාරයේ රැඳවියන් බැලීමට ඥාතීන්ට බන්ධනාගාරයට පැමිණීමට නොහැකි බවත් , රැඳවියන් නඩු කටයුතු සඳහා පිටතට රැගෙන යාම ද තාවකාලිකව නතර කර තිබෙන බවත් වාර්තා වේ .
බන්ධනාගාරය තුළ පවතින ඉඩකඩ සීමිත වීම හේතුවෙන් මෙම රෝග ව්‍යාප්තිය සීඝ්රයෙන් සිදුවන බවත් , වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ සෞඛ්‍ය බලධාරීන් බන්ධනාගාර රැඳවියන්ට සහ නිලධාරීන්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට පියවර ගෙන තිබෙන බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර තිබේ .