බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 15ක බහුල වශයෙන් කැලෑ ගිනිතැබීම් සිදුවන බවට එම දිස්ත්‍රික් අපදා කළමණාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එහි නියෝජ්‍ය අධ්යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර සඳහන් කළේ, කැලෑ ගිනිතැබීම් නිවාදැමීම සඳහා අවශ්‍ය පහසුකම් හා තාක්ෂණය තමන් සතුව නොමැති වීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි.
“බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින වියළි කාලගුණය සමඟ ඒ ඒ ප්‍රදේශවල සිටින ජනතාව හිතාමතාම සිදුකරනු ලබන කැලෑ ගිනි තැබීම් බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා.
මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15න් බොහෝ ප්‍රදේශවල ගිනි තැබීම් වාර්තා වෙනවා. සමහර අවස්ථාවල වාර්තා වෙන ගිනි තැබීම් ප්‍රමාණය 10කට ආසන්න වෙනවා එකම දවසක් තුළ.
ත්‍රිවිධ හමුදාවෙන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වගේම ගිනිනිවන ඒකකවල සහය ලබාගෙන ගිනි පාලනයට උත්සාහ දැරුවත් ඒවා ඉතාම සාර්ථක වැඩසටහන් බවට පත්වෙන්නේ නෑ. අපිට දියුණු තාක්ෂණික ක්‍රම නෑ ගිනි තැබීම් පාලනය කිරීම සඳහා. මේ තත්ත්වය අනාගතයේ දැඩි අවදානම් පසුබිමක් නිර්මාණය කරන්න පුළුවන්. මේ වර්ෂය තුළ දීම වුවත් අධික වර්ෂාවක් ඇති වුවහොත් දැඩි නායයෑම් සහ ගල් පෙරළීම් නිසා ජීවිත හා දේපළ හානිවීමේ බරපතළ තර්ජනයක් ඇතිවීමට හැකියාව තියෙනවා.”