රත්නපුර වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් මගයාය , වෙහෙරගොඩැල්ල නම් වූ , ඉතා පැරණි චෛත්‍යක් තිබුණු ස්ථානයක් බව පැවසෙන කදු මුදුනේ ජයටම නිධන් හෑරීමක් සිදුව තිබේ.
ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය අද එම ස්ථානය පරීක්ෂා කල අතර ගම්වැසියන් සදහන් කර තිබෙන්නේ ගොඩකවෙල පොලිසියට මේ පිලිබදව දැනුම් දුන්නත් අවශ්‍ය කටයුතු සිදු කිරීමට පොලිසිය කටයුතු නොකළ බවයි. දඹ රන් බුදු පිළිම දෙකක් සහ ඒ වටා මැණික් වළල්ලක් තිබෙන බව නිධන් වඳුලු තුල සදහන් වන බවද, එම බුදු පිළිම ගැනීමෙන් මෙම ප්‍රදේශයම විනාශයට පත් වන බව සදහන් බවද පැවසෙනවා.
කෙසේ වුවද මේ වන විට මෙහි තිබු නිධන් වස්තු ගොඩ ගෙන තිබෙන බවට විශ්වාස කල හැකි අතර මෙම අපරාධකරුවන් ගොඩකවෙල පොලිසිය ක්‍රියාත්මක වි අත් අඩංගුවට ගත යුතු බව රටට ආදරය කරන, ඉතිහාසයට ආදරය කරන්නෝ ප්‍රකාශ කරති . තවත් සමහරුන් ප්‍රකාශ කරන්නේ , ගොඩකවෙල පොලිසියටද මෙම නිධන් ගොඩ ගැනීමෙන් කොටසක් ලැබී ඇති බවය.
කෙසේ වුවත් නීතිය ක්‍රියාත්මක කරන තෙක් ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය අවශ්‍ය කටයුතු සිදු කරන බවද සදහන් කරන ලදී. එසේම වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් හරහා එම එහි තිබෙන රක්ෂිත කොටස වෙන් කර ආගමික ස්ථානයක් ලෙස වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව වැඩි දුරටත් සදහන් කරන ලදී .