ගේස්වෙස්ටන් වතුයායේ ඉහළ කොටසේ මිය ගොස් සිටි නාදුනන කාන්තාවගේ මළ සිරුර කදු මුදුනෙන් පහළට රැගෙන ඒමේ මෙහෙයුමට සම්බන්ධව සිටි යුද හමුදා සෙබළෙකු හදිසියේම මිය ගොස් ඇති බව වාර්තා වේ .
අද (02) දින සවස් කාලයේදී එම කාන්තාවගේ මළ සිරුර කදු මුදුනේ සිට පහළට රැගෙන ඒමේදී මොහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මොහු යුද හමුදාවේ කෝප්රල්වරයෙකු වන කේ.එම්.එන්.එස්. හෙරත් නැමැති 37 හැවිරිදි අයෙකි .
යුද හමුදා නිලධාරියා හදිසියේ රෝගාතුර වී නුවරඑළිය මහ රෝහල වෙත රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව ලිදුල පොලිසියේ නිලධාරීවරයෙකු ප්රකාශ කර තිබේ .
මොහුගේ මරණ පරීක්ෂණය හෙට (03) දින නුවරඑළිය මහ රෝහලේදී සිදු කිරීමට කටයුතු යොදා ඇති බවත් , මෘත ශරීරය මේ වන විට නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් වාර්තා වේ .