මැතිවරණ කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාදීම තවදුරටත් කල් දමා ඇති අතර මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මෙම මස 22 වන දින යළි ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ව්‍යවස්ථාදායක සභාව ඊයේ (02) රැස්වූ අතර එහිදී දැනට පුරප්පාඩුව පවතින මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනා සහ පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු සාමාජිකයා පත්කිරීම පිළිබඳව අනුමැතිය ලබාදීමට නියමිතව තිබුණත් ඊයේ (02) දිනයේ අදාළ පත් කිරීම් සඳහා නිර්දේශ ලබාදීම සිදු නොවූ බව කථානායකවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.